brand logo

ඇමති විමල්ට එරෙහිව මන්ත්‍රී රිෂාඩ් CID යයි

10 March 2021

සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (10) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒ, විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ඊයේ (09) දින උත්සවයකදී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග දුරකථනයෙන් කතා කළ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙනි. අදාළ පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් පැවසුවේ විමල් වීරවංශ මහතා ඊයේ (09) දින කළ ප්‍රකාශය සාවද්‍ය බවයි. එමෙන්ම තමන් කිසිදු දිනෙක සහරාන්ව මුණගැසී නොමැති බවත්, තමන්ගේ සහෝදරයාට හෝ තමන්ට සහරාන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්.... "විමල් වීරවංශ මහතා ඊයේ කරපු ප්‍රකාශය අමුලික බොරුවක්. එතුමා දිගටම බොරු ප්‍රචාරය කරන්නේ එයාගේ දේශපාලන වාසියට. දැන් එයා හොඳටම වැටිලා ඉන්නේ. එතුමාට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔයා කිව්ව එක ඔප්පු කරන්න. මම CID එකට පැමිණිල්ලක් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා වහාම පරීක්ෂණ පවත්වලා නීතිමය කටයුතු කරයි කියලා."
 

More News..