brand logo

ඇමති රිෂාඩ්ට එරෙහි විලපත්තු නඩුව යළි ජූලි 31දා සිට මුලසිට විභාගයට

28 May 2019

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ජුලි මස 31 වන දා සිට මුලසිට නැවත විභාග කිරීමට අභියාචනාධිකරණය අද (28) තීරණය කර තිබේ. අද දින මෙම නඩුව කැඳවනු ලැබුවේ ජනක් ද සිල්වා සහ නිශ්සංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවන් හමුවේයි. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ, විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත ප්‍රදේශවල ,පිහිටි ඉඩම් අක්කර 100 ගණනක් මුස්ලිම් ජනතාවගේ පදිංචිය සඳහා නීතිවිරෝධි අන්දමින් ලබා දීමට දරන උත්සහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන ජිවි දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර කරමින් මෙම නඩුව ගොනු කර තිබේ. 2015 වසරේදී ගොනු කළ මෙම නඩුවේ තීන්දුව ඊයේ (27) ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබිණ. එම නඩුවේ විභාගය පසුගිය වසරේ සැප්තැම්බර් මස අවසන්වී තිබු අතර තීන්දුව නිකුත් කිරීම මින් පෙර අවස්ථා 04කදීම කල් දැමීමට එම නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නියෝග කොට තිබිණ.
 

More News..