brand logo

ඇමති රාජිතට සහ ආණ්ඩුකාර අසාද් සාලිට විරුද්ධව ‌‌පොලීසියට පැමිණිලි

28 May 2019

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව අද (28) සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ගොනු කර තිබේ. එම සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ මේ වන විට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ කරන නිලධාරීන්ට බලපෑම් එල්ලව ඇති බවයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් පරීක්ෂණ සිදුකරන පොලීසියේ නිලධාරීන්ට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හ කුරුණෑගල රෝහලේ සේවකයන් විසින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (27) දින පවත්වා ඔවුන්ට නොයෙකුත් අමාත්‍යවරුන්ගේ බලපෑම් එල්ල වන බවට කරුණු තහවුරු වී ඇති බවත් නීතිඥ දොලවත්ත මහතා සදහන් කර සිටියේය.
 

More News..