brand logo

ඇමති බන්දුල ඩී.වී.චානකට කුඩේ අල්ලයි

19 January 2020

උසස් අධ්‍යාපන සහ සන්නිවේදන තාක්ෂණ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය සතියේ හම්බන්තොට නිරීක්ෂණ චාරිකාවක නිරතවීමත්, පුවතක් විය. මහින්ද රාජපක්ෂ රජය යටතේ එහි ඉදි කර තිබුණු සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය ද මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අධීක්ෂණයට ලක් විය. එහි ගොඩනැගිලි වල් වැදී ඇති ආකාරය ද දැක කම්පා වූ ඇමතිවරයා එම ගොඩනැගිලි ද ප්‍රයෝජනයට ගනිමින් එම ප්‍රදේශයේ අධිතාක්ෂණ නවෝත්පාදන විශ්වවිද්‍යාලයක් සෑදීමට තීරණය කරන ලදී. මෙහිදී එම භූමිය පරීක්ෂා කිරීම සඳහා ඇමතිවරයාට කිසියම් දුරක් පයින් යාමට සිදුවූ අතර ඒ අවස්ථාවේ අව් රශ්මිය ද අධික විය. එවිට ඇමතිවරයාට කුඩයක් අල්ලන්නට පැමිණි කාර්ය මණ්ඩලයේ අයෙකුට ඇමතිවරයා කීවේ, ‘ජනාධිපතිවරයා ද තමන්ම කුඩය අල්ලාගෙන යද්දී තමන් ද එසේ කළ යුතු බව’ ය. කෙසේවෙතත්, එම ගමනට එක්ව සිටි තරුණ මන්ත්‍රී ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඇමති බන්දුලගේ කුඩේ යටට පැන ‘මේ වගේ චාන්ස් එකක් නං ආයෙ එන්නෙ නෑ...’යි කියමින්, ඇමති බන්දුලගේ කුඩේ යටින් ඉදිරියටම ගියේ ය. එය දුටු බොහෝ අයට පෙනුනේ, බන්දුල ඇමතිවරයා චානක මන්ත්‍රීවරයාට කුඩේ ඇල්ලූ බවකි
 

More News..