brand logo

ඇමති බන්දුලට වුන දේ

26 September 2021

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04 කට අධික කාලයක් ප්‍රකාශය ගනී

සතොස ආයතනයේ සිදුවූ සුදු ළුෑණු බහාළුම් දෙකක් වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ සුදු ළුෑණු සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට සිදුකළ ඉල්ලීමට අනුව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි. ඒ අනුව පසුගිය 24 වැනිදා වෙළඳ අමාත්‍යවරයාගෙන් අදාළ ප්‍රකාශය ලබාගෙන තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී අදාළ නිලධාරීයා විසින් මාධ්‍ය වෙත ලබාදී ඇති සෑම ප්‍රකාශයක් පිළිබඳවම තොරතුරු හා උධෘතයන්ද ඇතුළත් සම්පූර්ණ සාක්ෂි ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
 

More News..