brand logo

ඇමති බන්දුලගෙන් නැවත වරක් සහන මල්ල

30 April 2021

රුපියල් 1000ක මිළට අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත්ව ලබාදෙන “සතොස සහන මල්ල - 2“ මැයි මාසයේ සිට ලබාදීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. එසේම පසුගිය සහන මල්ලට වඩා මෙවර සහන මල්ලට සම්බා සහ නාඩු හාල් කිලෝව බැගින් ඇතුළත් කර තිබෙන බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව මැයි මස 2 වන දින සිට සතොස වෙළඳ මධ්‍යස්ථානයෙන් සහන මල්ල ලබාගත හැකි බවත් එම සහන මල්ල ලබාගන්නා පාරිභෝගිකයන්ට රු .5ක් අඩුවෙන් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් මිලට ගතහැකි බවත් සඳහන් කරයි. මේ බව අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත. සතොස සහන මල්ල - 2 හි ඇති ද්‍රව්‍ය සම්බා හාල් කිලෝග්‍රෑම් 1 නාඩු හාල් කිලෝග්‍රෑම් 1 පිටි කිලෝග්‍රෑම් 1 රතු ඔස්ට්‍රේලියානු පරිප්පු කිලෝග්‍රෑම් 1 සුදු සීනි කිලෝග්‍රෑම් 1 තායි හාල් මැස්සෝ ග්‍රෑම් 200 විෂබීජනාශක දියර මිලිලීටර්50 ක බෝතලයක් මුහුණු ආවරණයක් තේ කොළ ග්‍රෑම් 100ක් සෝයා මීට් ග්‍රෑම් 50 පැකට් එකක් කෑලි මිරිස් ග්‍රෑම් 100
 

More News..