brand logo

ඇමති පවිත්‍රා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව යයි

16 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද (16) අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ. දින 20ක කාලයක් අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍යවරිය අද පෙරවරුවේ මෙලෙස පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ජනවාරි මස 23 වැනිදා සිදුකළ පරීක්ෂණයකින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු විය.
 

More News..