brand logo

ඇමති පට්ටම් 07 ක් වෙනස් වෙයි

16 August 2021

කැබිනට් සංශෝධනයක්

අද (16) පෙරවරුවේ කැබිනට් ආමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදුකෙරෙන බව වාර්තා වේ. ජනමාධ්‍ය, අධ්‍යාපන, විදෙස් කටයුතු සහ තවත් අමාත්‍යාංශ දෙකක් ඒ අතර වන බව සඳහන් වෙයි. මීට පෙර අධ්‍යාපන, විදුලිබල, ජනමාධ්‍ය හා විදේශ කටයුතු යන අමාත්‍යධුරයන්හි වෙනස්කම් සිදු කෙරෙන බවට වාර්තා වුණා. කෙසේ වෙතත් අද පෙරවරු 11 ට සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී තවත් අමාත්‍යංශ තුනක ඇමති තනතුරු මාරුවක් පිළිබඳ අවධානය යොමු වී ඇති බවටයි වාර්තා වන්නේ. මේ අනුව අද සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී අමාත්‍ය ධූර හතක වෙනස්කම් සිදුවිය හැකි බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. අද සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධුර සංශෝධනයට ලක් කිරීමට තීරණය වී ඇති බවයි වාර්ථා වන්නේ. මීට අමතරව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ දරණ කැබිනට් අමාත්‍ය ධූරයත් සංශෝධනයට ලක් කිරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.
 

More News..