brand logo

ඇමති ධූර තනතුරු හෝ වරප්‍රසාද නොවේ වගකීමක් - ජනපති

27 November 2019

ලබා දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර තනතුරු හෝ වරප්‍රසාද නොවන බවත්, වගකීම් බවත් සිහිතබා කටයුතු කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අමාත්‍ය ධූර ගණන අඩු කළ යුත බවට මතයක් පළ වුව ද, ජනතා අවශ්‍යතාවයක් මත මෙම රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමූ බවයි. ජනාධිපතිතුමා ඉදිරියේ අද දිනයේ රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු දිවුරුම් දුන්නේය.
 

More News..