brand logo

නි.ඇමති තෙවරප්පෙරුමට ඇප

16 September 2019

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු රක්ෂිත බන්ධනාගාර ගත කළ හය දෙනාට රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඔවුන් අද (16) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මෙම නියෝගය ලබා දී ඇති අතර අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් හයදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
 

More News..