brand logo

තවත් වසර 5කින් පාඨලීගෙන් නිවාස 40,000ක්

22 January 2019

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලිත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙරට ප‍්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප‍්‍රධාන ඉලක්කය බව අමාත්‍යවරයා කියයි. අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා නවීන පහසුකම් සහිත ස්ථිර නිවසක් ලබාදී ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම මූලික අරමුණ කර ගනිමින් ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙල නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේවන විට නිවාස ඒකක 8,113 ක වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස ඒකක 7,694 ක් මේ වන විටත් ඉදිවෙමින් පවතීන බවට දන්වයි. අද දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත වන දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරයේදී නිවාස ඒකක 266 ක් ජනතා අයිතියට පත් කෙරේ. එහි ප‍්‍රතිලාභීන් ලෙස දෙමටගොඩ, රාජගිරිය අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවතැන් වන ආරාමය පෙදෙසේ නිවැසියන් හා කැළණිවැලි දුම්රිය මර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීම හේතුවෙන් අවතැන්වන ජනතාව, ස්ටේඩියම්ගම ජනාවාසයේ වත්මන් පදිංචිකරුවන් හට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිකම් ලැබෙනු ඇත. රුපියල් මිලියන 1,064ක ආයෝජනයකින් ඉදිකළ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය මහල් 15 කින් සමන්විත අතර . මෙහි නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක්, සනීපාරක්‍ෂක හා සියළු පොදු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 437 ක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත.
 

More News..