brand logo

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනොට ඇප

18 June 2019

ජනාධිපතිවරයාගේ නම සදහන් කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 639 ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ තිදෙනා ඇප මත මුදා හැර තිබේ. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 6ක් මත සැකකරුවන් මුදා හැරීමටයි. මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වෙත බෙදා හැරීමට රැගෙන ආ ලිපි තොගයක් සමඟ ඔවුන් පසුගිය මැයි මස 2 වන දා අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ මධ්‍යම තැපැල් හුමවාරුවේදිය.
 

More News..