brand logo

ඇමති කටුවලට මහින්දව දාල ගිය මිනිස්සු අද යටින් ගින්දර ගෙනියනවා

22 July 2020

මේ රටට ගෝඨාභය ප්‍රේමදාස සුසංයෝගය හරියන්නේ නැහැ. එහෙම වුනොත් රට  පිස්සන් කොටුවක් වෙයි. ගෝඨාභය මහත්තයට මේ විදිහට වැඩකරගෙන යන්න බැරිවෙනවා. මතකනේ පහුගිය වසර හතර හමාර සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව. පිස්සො රජවුනොත්  විනාශයක් වෙන්නේ. ඒකට ඉඩදෙන්න පුලුවන් කමක් නැහැ හරියන්නේ ගෝඨාභය මහින්ද  සුසංයෝගය විතරයි. එළැඹෙන මහ මැතිවරණය ඉලක්ක කර පැවැත්වෙන ග්‍රාමීය ජනහමු මාලාවේ  දඹදෙණිය මැතිවරණය කොට්ටාශයේ රැස්වීමක් අමතමින් කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන  පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා (21) නාරම්මල දී පැවසීය. එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ඒ මහතා මෙසේද පැවසිය දැන් මේ දවස්වල අපේ කුරුණෑගල නගරාධිපතිතුමාට පහරදෙනවා මම දැක්කා. එදා  ඇමති කට්ට පෙන්නනකොට මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව කෙල හල හල ගිය අය එදා  පොහොට්ටුව හදන්න ඡන්ද තියන්නේ නැතිව ඔවුන් ආණ්ඩුව කරපු කාලෙ නුවර ඉදල කොළඹට කකුල් වල දියපට්ට එනකම් ඇවිදල කැපවුණු අපේ අයට පහර දෙන්න පටන් අරන්. අද අපේ පක්ශයෙන් ඡන්දය ඉල්ලන්නේ. හැබැයි මේ පක්ශය හදපු ඒ වෙනුවෙන් දහඩිය කදුලු හෙලපු ශාඛා සමිති ටික හදපු අපේ නගරාධිපතිතුමාට පහරදෙනවා. ඔහොම අය තමයි එදත්  පහර දුන්නේ. යටින් ගින්දර ගෙනිච්චෙ ඒ ගොල්ලො. මම දිස්ත්‍රික්කයේ නායකයා විදිහට කිව්ව එහෙම කියන අයට අපේ නගරාධිපතිවරයාට අත තියන්න දෙන්නේ නැහැ කියලා. පොහොට්ටුවේ කෙනෙකුට ගහනකොට මේ දිස්ත්‍රික් නායකයා ඇස් කන් පියාගෙන අහක  බලාගෙන ඉන්නෙ නැහැ. මම ඔවුන්ව රකිනවා. එදා නගරාධිපතිතුමාට පහරදීලා ප්‍රවෘත්තිය   යනකොට මම කිව්වා එතුමාට එහෙම ගහන්න දෙන්නේ නැහැ කියලා. මම ඒ කිව්වේ අර කෙල හල හලා මස් කට්ට කන්න ගිය අයට. මම නමක්වත් කියන්නේ නැහැ . නම  කියන්නවත් වටින්නේ නැහැ . ඔවුන්ට රැස්වීම් වලදි හූ කියන්න නොදී ඔවුන්ව රැක්කේ අපි. ඔවුන්ට ඒවා අමතක වෙලා. පොහොට්ටුවේ නගරාධිපතිවරයෙකුට සභාපතිවරයකුට  ඇමතිවරයෙකුට හැමවෙලවෙම ගහන්න හදන්නෙ ඒකට මම ඉඩ දෙන්නේ නැහැ .  නගරාධිපතිතුමා කිසිම වැරැද්දක් කරලා නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. මම මුලින් ඒ  ගැන කතාකලේ නැහැ . මම බලාගෙන හිටියා මේ පහරදෙන විදිහ. චම්පික රණවක කොළඹ  ඉදන් දුවගෙන ආවා. ඇවිල්ලා කිව්වා බුවනෙකබාහු රජතුමාගේ රාජ මණ්ඩලය කියලා. ඔය  බුවනෙක හෝටලයේ අධිපති චන්ද්‍රසේන මහත්තයා. එතුමගේ පුතා තමයි බුවනෙක.ම්  එතුමගේ හෝටලය තමයි ඔය බුවනෙක හෝටලය. චම්පික මහත්තයා බුවනෙක රජතුමා  වෙනුවෙන් පෙනී සිටියා. බලනකොට චන්ද්‍රසේන මහත්තයාගේ පුතා වෙනුවෙන් තමයි පෙනී හිටියේ. පිස්සු හැදිලා ඉන්නේ. අද ලොකුම ප්‍රශ්නෙ කරගෙන තියෙන්නේ මේක. මම විශ්වාස කරනවා මෙතන වරදක් වෙලා නැහැ කියලා. අපිත් දීර්ඝ කාලයක් දේශපාලනය කරලා  තියෙනවා අපිත් දන්නවා යම් යම් දේවල් ගැන. මෙතන වරදක් කරලා තියෙනවා නම් කාට වුනත් දඩුවම් කරන්න ඕනෑ . නමුත් වරදක් කරලා නැත්නම් නිකරුණේ වරදක් පටවන්න හදනවා නම් ඒකට අපි ඉඩදෙන්නේ නැහැ  . මහින්ද රාජපක්ෂ මහත්‍තයටත් පහර දෙන්න  අපි එදා ඉඩ දුන්නේ නැහැ . ඒක තමයි අපි රංජන්ලා එක්ක ගිහින්  හැප්පුනේ එදා. මහින්ද මහත්තයා හොරා මිනීමරුවා කියලා පට්ටපල් බොරු කියනකොට අපි එදා හැප්පුනා. අදත් අපි සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. විපක්ෂය එක එක සරුංගල් ඇරියට ඒ ගැට වලට අපි අහුවෙන්නේ නැහැ කියලා මතක් කරන්න කැමතියි. තුට්ටුදෙකේ දේශපාලනයට වැටෙන්න එපා කියලා ඒ පිරිස් වලට මම කියනවා. මේ ජනාධිපතිවරයාට තුනෙන් දෙකක බලයක් ලබාදීලා  රට ශක්තිමත් ඉදිරි ගමනක් කරා යොමුකරවීමට දායක වන්න කියලා මම දඹදෙණිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 

More News..