brand logo

ඇමතිවරුන්ට - පළාත් සභා ඇතුළු රාජ්ය ආයතනවලට විදෙස් ආයතන සමග ගිවිසුම් තහනම්

23 December 2019

රජයේ අමාත්යවරුන්ට සහ පළාත් සභා ඇතුළු රාජ්ය ආයතනවලට විදේශ ආයෝජකයන් ණය දෙන ආයතන, ජාත්යන්තර රාජ්ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග ඍජු ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම් තහනම් කෙරෙන චක්රලේඛයක් ජනාධිපති කාර්යාලය මගින් නිකුත්කර තිබේ. ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති චක්රලේඛය වහාම ක්රියාත්මක කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත. එවැනි ගිවිසුම්වලට එළඹීමේදී විදේශ කටයුතු , මුදල් යන අමාත්යාංශ නීතිපති දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවේ අවසරය සහිතව නියමිත ක්රියාදාමය අනුගමනය කරන ලෙස ද ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත. ඕනෑම අමාත්යාංශයක හෝ ආයතනයක විෂය පථයට අදාළ සංවර්ධන කටයුතු සඳහා ව්යාපෘති සකක් කිරීම මුදල් ආර්ථික හා ප්රතිපත්ති සංවර්ධන අමාත්යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ සිදුකළ යුතු යැයි ද චක්රලේඛයේ සඳහන් වෙයි. උදයජීව ඒකනායක
 

More News..