brand logo

ඇමතිගෙන් විදුලිය ගැන සුභ ආරංචියක්

21 May 2022

අඛණ්ඩ විදුලිය සපයන්න ආණ්ඩුව සැරසෙයි

ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට උත්සාහ කරන බව අද (මැයි 21) පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ බොහෝ අය විදුලි ජනක ජන්ත්‍ර සඳහා යැයි පවසමින් කෑන්,බූලි සහ බැරල් සඳහා ඉන්ධන රැස් කරගන්නා නිසා එමගින් සාමාන්‍ය ජනතාවට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය පහත බසින බවත් ඒ හේතුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම මගින් එම තත්ත්වය මග හරවා ගත හැකි බවත්ය. හෙට දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ද ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර ජල විදුලිය කළමනාකරණය කරගෙන සඳුදා හෝ අඟහරුවාදා අඛණ්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය.
 

More News..