brand logo

ඇමතිගෙන් පරිසර සංවිධාන කළ ඉල්ලීම

14 February 2021

  මේවන විට වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා කඩිනමින් ක්‍රියාකරන ලෙස පරිසර සංවිධාන නියෝජිතයින්' පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මේ අනුව එම විශේෂ, විනාශ කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් පළකරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ පරිසර සංවිධානවල නියෝජිතයින්, විද්‍යාඥයින් ඇතුළු පිරිසක් පසුගිය දා සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී පරිසර සංරක්ෂණය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිසි අවධානයක් යොමු නොවීම නිසා ඇතැම් ශාක මෙන්ම සත්ව විශේෂද වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බවට පරිසර සංවිධාන නියෝජිතයින් පෙන්වා දී තිබුණා. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ පසුගිය දශකයක කාලය තුළ උභයජීවි විශේෂ 35ක් ලෝකයෙන් තුරන් වී ඇති අතර ඉන් විශේෂ 21ක් ම ශ්‍රී ලංකාවට ආවේණික උභයජීවි විශේෂ බවයි. මේ අතර පඩුකරඳ ශාකය වැනි වඳවී යෑමේ තර්ජනයට ලක්වූ ශාක විශේෂ 10කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් නියෝජිතයින් පෙන්වාදී ඇත.
 

More News..