brand logo

ඇපල් MacBook Pro බැටරිය ආරක්ෂිත නැත්නම් ගුවන් ගමන් බැහැ

12 September 2019

ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කළ අඟල් 15 MacBook Pro ඒකකයේ බැටරිය ගිනි ගැනීමේ අවදානමක් ඇති හෙයින් එය ආරක්ෂාකාරී යැයි තහවුරු කරන තෙක් ගුවන් ගමන් සඳහා ගෙන යාමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ගුවන් සමාගම මහජනතාවට දන්වා සිටියි. ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 මැක්බුක් ප්‍රෝ ඒකකයේ බැටරි අධික ලෙස රත් වී ගිනි ගැනිමේ අවදානමක් මතුව ඇති බව එම සමාගම විසින් නිවේදනය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. එම අවදානමක් සහිත උපාංග අලෙවි කර ඇත්තේ 2015 වසරේ සැප්තැම්බර් මස සිට 2017 වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුල බව ඇපල් සමාගම නිවේදනය කර ඇත. ඒ අනුව තමන් සතුව ඇති 15 MacBook Pro උපාංගය එවැනි බලපෑමක් සිදු වී තිබේදැයි ඇපල් සමාගමෙන් තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ගෙන් ඉල්ලා සිටියි. ගුවන් තොටුපලේදී එම උපාංග පරික්ෂා කිරිමේදී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරිමට ගුවන් මගීන් සමත් විය යුතු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. ඒ බව සනාථ කර ගැනිමට අපොහොසත් වන මගීන්ට තම උපාංගය රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වයි.
 

More News..