brand logo

ජනතාව හැසිරුණ විදිය ගැන කණගාටුයි.

28 October 2020

මහජනතාව කොවිඩ් සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරන්නේ නම් වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයට ඊයේ (27) දිනයේ දී පැය 14ක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කළ බවත්, එහිදී ජනතාව හැසිරී ඇති ආකාරය කණගාටුවට කරුණක් බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, මෙලෙස සඳහන් කළා. “ඇත්තටම මේ රෝගය හැදෙන්නේ නැති බවට හොඳම සාධකයක් තමයි අපේ IDH රෝහල. පළමු කොරෝනා රෝගියා හමුවුණේ මාර්තු මාසයේ 11 වෙනිදා. ඔහු ප්‍රතිකාර ලැබුවේ IDH රෝහලේ. එදා ඉදලා කොච්චර සංඛ්‍යාවක් ද? අද වෙන කොට නම් රෝහල් සංඛ්‍යාව 28ක් දක්වා වැඩිවෙලා තියෙනවා. නමුත් ප්‍රතිකාර ලැබුවේ වැඩිදෙනෙක් IDH රෝහලේ. මට සෞඛ්‍ය අංශ දැනුවත් කළ විදියට ඊයේ දිනය වෙනතෙක් IDH රෝහලේ කිසිදු සේවකයෙක්ට, හෙදියකට හෝ කිසිම කෙනෙකුට මේ රෝගය ආසාදනය වෙලා නෑ. මොකද්ද ඒකෙ රහස ? අමුතු දෙයක් නෙමෙයි නේ. ඒ රහස තමයි මුඛ ආවරණ පැළඳීම, අත් පිරිසිදු කර ගන්න එක, ඒ වගේම හැම අවස්ථාවක දීම දුරස්ථභාවය තබා ගෙන කටයුතු කරලා. එතැන තමයි වැඩිපුරම කොවිඩ් රෝගීන් හිටියේ. නමුත් එක සේවක සේවිකාවකට හෝ සෞඛ්‍ය අංශයේ කාටවත් ඒ රෝගය වැළඳිලා නෑ. එහෙම වුණේ ඒවට අනුගත වුණ නිසා. ජනතාව හරියටම ඒකට අනුගත වෙලා කටයුතු කළොත් අපි ඔක්කෝටම නැගිටින්න බැරිකමක් නෑ.“
 

More News..