brand logo

ඇඳිරි නීති උල්ලංඝණය කළ 51ක් අත්අඩංගුවට

06 October 2020

නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝණය කළ 51දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශවල පවතින නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් බවයි. නිරෝධායන ඇඳිරි නීති රෙගුලාසි යටතේ අදාළ ප්‍රදේශයන්වල ජනතාවට අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් බැහැර යාම තහනම් වේ.
 

More News..