brand logo

ඇඳිරි නීතිය 6වැනිදා දක්වා දික්වෙයි

27 August 2021

ඇඳිරි නීතිය ගැන ගත්තු අලුත්ම තීන්දුව

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 6 දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 6 වැනිදා උදෑසන 4.00 දක්වා නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේසැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කළ බවයි.      
 

More News..