brand logo

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

16 May 2022

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.
 

More News..