brand logo

ඇදිරිනීතිය දීර්ඝ වෙයි?

26 August 2021

ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට රැස්වෙයි

මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට (27) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ හෙට දිනයේ ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමට නියමිත බවයි.

එහිදී නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට නියමිත බව හෙතෙම පැවසීය.

මෙරටින් වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාවත් අනුව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් එහිදී තීරණය ගනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..