brand logo

ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල නඩු කටයුතු සම්බන්ධ තීරණය

07 October 2020

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශයන්හි අදාළ දිනයන්ට නියමිත නඩු සඳහා වෙනත් දිනයක් ලබා දීමට තීරණය කර ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ අධිකරණ වෙත එම දැනුම් දීම කර තිබේ. එම දිනයන් පිළිබඳව එකී අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව දන්වා ඇත. මේ සම්බන්ධයෙන් අදාළ අධිකරණ වෙත උපදෙස් ද දී ඇත. ඒ, අනුව ඇඳරිනීති කාලය අවසන් වු පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අදාළ අධිකරණ පරිශ්‍රවලට ගොස් තමාගේ නඩු සම්බන්ධයෙන් යළි කැඳවීම් කරන දිනය ලබා ගත හැකි බව අදාළ පාර්ශවයන් වෙත දැනුම් දී ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරනවා.
 

More News..