brand logo

ඇන්ටිජන් පරීක්ෂණ දිගටම

01 January 2021

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සඳහා සිදුකරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී ආසාදිත පුද්ගලයන් පිරිසක් සොයාගෙන ඇත. ඒ අනුව ඊයේ (31) බස්නාහිර පළාතෙන් පිටවීමට සිටි ආසාදිත පුද්ගලයන් 07 දෙනෙකු හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ඒ අනුව ඊයේ (31) දිනයේ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන් 1,003ක් ස්ථාන 11කදී සිදුකර තිබේ. පසුගිය 18 වැනිදා සිට මේ දක්වා අදාළ ස්ථාන 11 ආශ්‍රිතව සිදුකර ඇති ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ  12,929ක් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
 

More News..