brand logo

ඇන්ටිජන් කට්ටල ගැන බොරු ගොතපු උන්ට වැඩ වරදී

08 November 2020

  Rapid Antigen Test එක යනු කොරොනා වෛරසය හඳුනා ගැනීමේ නවතම ක්‍රමවේදයයි. මෙම ක්‍රමය නිෂ්පාදනය කරන සමාගම් දෙකකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට මාස දෙකකට ප්‍රථම අනුමැතිය ලබා දුන්නා. එම ජාත්‍යන්තර සමාගම් දෙකේ ම දේශීය නියෝජිතයා ලෙස පසුගිය දශකය පුරාම කටයුතු කරන්නේ george stuart සමාගමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනුමත කළාට පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්තෝබර් මස විසි දෙවැනි දා ලංකාවට මෙය ගෙන්වීමට අවසර ලබා දුන්නා. එය අනුමත කල සැනින් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා, පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා George Stuart සමාගම විසින් එම Antigen කට්ටල ලංකාවට ගෙන එනු ලැබුවා. එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ සමාගමක් සහ පෞද්ගලික රෝහල් අතර සිදු වූ ගනුදෙනුවක් මිස රජයට කිසිදු සම්බන්ධයක් නැහැ. කොරියන් ගුවන් සේවා විසින් කිලෝග්‍රෑම් එකකට ඩොලර් තුනක් පමණක් අය කරගෙන මෙම උපකරණ කට්ටල ලංකාවට ගෙන ඒමට කැමැත්ත පල කලත් ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩුපිට පවත්වාගෙන යන මොහොතේ එයට සහාය වීමට ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් කිලෝග්‍රෑමයක් ඩොලර් 4.50 මුදලක් ගෙවා මෙම කට්ටල ලංකාවට ගෙන ඒමට George Stuart සමාගම කටයුතු කලා. Rapid Antigen කට්ටල රැගෙන ඒම සඳහා රජය විසින් ද මේ වන විට ටෙන්ඩරයක් කැඳවා ඇති අතර, එම ටෙන්ඩරය තවමත් සම්පූර්ණ වී නෑ. එම ටෙන්ඩරය හිමිවන්නේ කාටද යන්න පවා තීරණය කර නෑ. එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කරාවි. දැනට ගෙන්වා ඇති කට්ටල රජයට කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නෑ. මේ සම්බන්ධව D.V. චානක අමාත්‍යවරයා කළ ප්‍රකාශය තොරතුරු නොදැන සිදුකළ එකක්. ඔහු එය නිවැරදි කර තිබෙනවා. PCR ක්‍රමවේදය හා සමාන නිරවද්‍යතාවයක් යුතු මෙම අලුත් ක්‍රමයෙන් විනාඩි 15 ඇතුළත corona හඳුනාගැනීමටත්, රුපියල් 7000-20000 පමණ වැය වෙන PCR පරීක්ෂණය රුපියල් දහසක ආසන්න මුදලකට කරගැනීමට අවස්ථාව ලැබෙනවා මෙම මිත්‍යාව සමාජගත කරන සියලුම අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. එබැවින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් කොරොනා මර්දනයට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ අඩපන කිරීමට දායක නොවන්න.
 

More News..