brand logo

ඇන්ටනොව් තුනක් අලුත්වැඩියාවට යුක්‍රේනයට දීමෙන් කෝටි 110 ක පාඩුවක්

03 August 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 B වර්ගයේ ගුවන් යානා තුනක් යුක්‍රේනයේ යුක්‍රෝන්මාස් නමැති ආයතනයට ඩොලර් මිලියන දෙකකට වැඩි මිලකට අලුත්වැඩියාව සඳහා ලබාදීමට සැලසුම්කර තිබේ. මීට පෙර එම ගුවන් යානා අලුත්වැඩියාව සඳහා රුසියාවේ MFG රසියා නමැති සමාගමකට 2016දි ලබාදීමට සැලසුම් කර තිබූ නමුත් එම සමාගමට ඒ වර්ගයේ ගුවන් යානා අලුත් වැඩියා සඳහා පළපුරුද්දක් නොමැති වීම නිසා ඊට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ විරෝධය එල්ලවීමෙන් එය නතර විය. කෙසේ වෙතත් මෙම සමාගම 2013 දී ඇන්ටනොව් 32 B යානයක් අලුත්වැඩියා කිරීමෙන් පසුව ගුවන් අනතුරකින් විනාශ වී තිබේ. අදාළ සමාගමට ‘ඇන්ටනෝව් ඩිසයින් බියුරෝ’ සහතිකය නොමැත. කෙසෙ වෙතත් යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 32 B වර්ගයේ SCM – 869 (S/NO 3504) SMC863 (S/NO 3508)mscm 860 (S/N3501) යන යානා අලුත්වැඩියා සඳහා ලබාදීමට නියමිතය. එහෙත් යුක්‍රේනයේ මීට වඩා අඩු මිල ගණන් යටතේ ගුවන් යානා අලුත්වැඩියා කරන සමාගම් තිබියදී පැරණි ටෙන්ඩරය අහෝසි නොකර යුක්‍රෝන්මාස් සමාගමටම ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශ පිරිසක් හා ඡනාධිපති ලේකම් කාර්යාලයේ පිරිසක් කටයුතු කරමින් සිටිති. එම අමාත්‍යාංශයේ සිටි දැනට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකුගේ ඥාතියකු මෙම ටෙන්ඩරය පිටුපස සිටින බව වාර්තා වේ. මෙමගින් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ එක්දහස් එකසිය හැත්තෑ හතරක (1174) පාඩුවක් සිදුවන බවද පැවැසේ. චමින්ද සේනාරත්න
 

More News..