ඇන්ජලෝ පළමු තැනට - කණ්ඩායම තෙවන තැනට
10 April 2019
ඇන්ජලෝ පළමු තැනට - කණ්ඩායම තෙවන තැනට
10 April 2019
සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීම සදහා පැවැති තරගය ලකුණු 94කින් ජය ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත්ව තිබේ.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 325ක් රැස්කර ගත්තේය.
කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 101ක් ලබාගැනීමට සමත් විය.
ඒ අනුව මෙම තරගාවලියේ මේ වන විට වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඇන්ජලෝ මැතිව්ස් පැමිණීමට සමත්ව තිබේ.
ඇන්ජලෝ රැස්කර ගත් මුළු ලකුණු සංඛ්‍යාව 227කි.
මෙම තරගයේ ඇන්ජලෝ මැතිව්ස්ට අමතරව භානුක රාජපක්ෂ ලකුණු 95ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී තිසර පෙරේරා සහ නුවන් ප්‍රදීප් කඩුළු දෙක බැගින් දවාගත්තේය.
ඊට අමතරව කසුන් රජිත එක් කඩුල්ලක් දවාගත්තේය.
ඉන් අනතුරුව පිටියට පැමිණි මහනුවර කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 231ක් පමණීයි.