brand logo

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් පොලිස් සැරයන්වරයෙකු කරපු වැඩක්

08 April 2020

ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් ඊයේ (7වැනිදා) රා ප්‍රවාහනය කළ මෝටර් රථයේ සිට පලාගිය පොලිස් සැරයන් වරයෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ. මෙලෙස අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනුයේ මත්තේගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් වරයෙකි. පානදුර ප්‍රදේශයේ සිට මෙම සැරයන් වරයා ඇතුළු පස්දෙනෙකු මත්තෙගොඩ ප්‍රදේශයට රා ප්‍රවාහනය කරමින් සිට ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන බණ්ඩාරගම පොලීසිය විසින් සිදුකරයි.
 

More News..