brand logo

ඇදිරි නීතියේ පිහිටෙන් පෙම් සුව විදින අනියම් යුවලක්

24 March 2020

කොව්ඩ් 19 වෛරසය සහ ඇදිරි නීතිය වාසියට ගෙන පාළු නිවසක දින කීපයක් ගත කිරීමට උත්සාහ කළ අනියම් පෙම් යුවලකට තම ඉලක්කය වැරදී ගිය  සිද්ධියක් හලාවතට නුදුරු ගම්මානයකින් වාර්තා විය. පසුගිය දිනක පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුකින් පැවසුනේ විදෙස්  රටක සිට මෙරටට පැමිණි යුවලක් හලාවතට නුදුරු පාළු නිවසක නවාතැන්  ගෙන සිටින බවකි.පොලිස් හදිසි අමතුම් අංශය මෙම තොරතුර හලාවත පොලීසියට දැණුම් දීමට කටයුතු කළේය. පොලීසියට ලද මෙම තොරතුර  සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැණුවත් කිරීමටද හලාවත පොලීසියේ නිලධාරීන් කටයුතු කළේය.අනතුරුව පොලිස්  නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාල නිවස බලා පිටත් විය. පාළුවට ගොස් ඇති නිවස අවට දින කීපයකින් නොව මාසයකින් වත් පිරිසිදු කර  ඇති බවක් දක්නට නැත.නමුත් සුඛෝපභෝගී නවීන පන්නයේ වාහනයක් නම් නිවස ඉදිරිපිට නවතා තිබුණි.පොලීසියට ලැබී තිබුණු තොරතුර නිවරැදි බවට  තහවුරු විය. අනතුරුව පොලිස් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරක්ෂාකාරී පියවර  අනුගමනය කරමින් නිවසේ සිටින බවට සැකකරන අයට කතා කළේය. වැඩි  වේලාවක් ගත වන්නට පෙර පාළු නිවසේ දොරක් විවෘත විය. ඉන් පිටතට පැමිණියේ තරුණ වියේ පසුවන අයෙකි.පොලිස් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන් පැමිණි කාරණය පවසා සිටියේය.ඒ සමගම නිවසින්  පිටතට පැමිණියේ නාඹර වියේ පසුවන ළදකි. සිදුවී ඇත්තේ කුමක්ද යන්න තරුණයා පොලිස් සහ මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් ඉදිරියේ කියා සිටියේය. මම ඇත්ත කියන්නම් සර්. මේ ගේ මගේ ආච්චිට අයිති එකක්. ආච්චි ටික කාලයක  ඉදලා මෙහේ පදිංචි නැහැ. ඒකයි ගේ පාළුවට ගිහිං තියෙන්නේ.මම කොළඹ හයර්  කරලා ජීවත් වෙන කෙනෙක්. මෙයා මට මෑතකදී කොළඹදී හම්භ වුනේ. පස්සේ  අපි දෙන්නා කථා කර ගත්තා කොහේ හරි ගිහිං දවස් දෙක තුනක් ඉමු  කියලා.  ඒත් ගෙදරින් යන්න විධියක් නැතිව ඉන්න කොට මේ කොරෝනා වෛරස්  එක ආවා.මම ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා. ඊයේ බිරිදට මම කිව්වා ඉතාලියේ ඉදලා ආපු කට්ටියක් එක්ක හයර් එකක් ගියා කියලා. ගමේ අයට ආරංචි වුනොත් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.ඒ නිසා මම දවස්  කීපයක් පාළුවට ගිහිං තියන ආච්චිලාගේ ගෙරදට යන්නම් කියලා .බිරිදත් කැමති  වුණා. ඊට පස්සේ මම මෙයාවත් අරගෙන මෙහාට ආවා. පුදුමේ කියන්නේ  මහත්තයෝ අපි මග එන කොට තමයි මේ ඇදිරි නීතිය දැම්මෙත්. දැන් ඉතිං මෙයාට යන්නත් බෑ.මට යන්නත් බෑ.ඒ නිසා අපි දෙන්නම් තව දවස් දෙකක් තුනක් ඉදලා ආපහු යන්නයි කල්පනාව." නිවසේ සිටි තරුණ කාන්තාවද එම කථාව අනුමත කළේය. ඇය කාලයක් විදේශ ගතව සිටි තැනැත්තියක් බවට මෙහිදී හෙලිවී ඇත. නමුත් ඇය විදේශ රටක සිට  මෙටට පැමිණ ඇත්තේ මීට වසර කීපයකට පෙර සිට වීම නිසා ගැටළුවක්  නොමැති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කළේය. ඇදිරි නීතිය ඉවර වුණ ගමන් අපි ආපහු යන්නම්.එතකල් අපිට කරදරයක් කරන්න එපා සර්ලා...දෙදෙනාම බැගෑපත් වන්නට විය. දෙදෙනාටම තරයේ අවවාද කළ පොලිස් සහ මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයෙන් පිටත්ව ගියේය.  හැමෝම කොරෝනාට බය වුනත් ඒකත් වාසියට  ගන්න අයත් ඉන්නවා එහෙම නම්...ආපසු යන අතර තුර වයස් ගත පොලිස් නිලධාරියෙකු කියා සිටියේය.   ජුඩ් සමන්ත.
 

More News..