brand logo

ඇතුගලට යන්න විනාඩි 25 යි (විඩියෝ)

15 January 2022

අද ඉදන් ලස්සනම අධිවේගී මාර්ගයේ යන්න

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර අද (15) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබෙනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 40.91ක්. මෙම අධිවේගී මාර්ගයෙන් මීරිගම සිට කුරුණෑගල දක්වා විනාඩි 25ක වැනි සුළු කාලයකින් ගමන් කිරීමට හැකියාව තිබෙනවා. මේහි සුන්දරත්වය ගැන ඔබට කියන්නට අරුණ වෙබ් අඩවියේ මාධ්‍ය කණ්ඩායමක් අද මධ්‍යම අධිවේගී මාර්ගයේ චාරිකාවක නිරත වුණා. එහිදී අප මාධ්‍ය කණ්ඩායම සමඟ එකතු වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම අප සමඟ අදහස් දක්වමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර කෙහෙල්ඇල්ල සඳහන් කලේ දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර ඇති අතර මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර ඇති බවයි ඔහු වැඩි දුරටත් අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 137ක් බවයි. https://www.youtube.com/watch?v=sKTh5qsH9Gg&t=2s
 

More News..