brand logo

ඇතින්නියන් 7ක් මිය යෑම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉල්ලයි

29 September 2019

හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 7 දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් හෙට දිනය තුළ කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස වන ජීවි අමාත්‍යාංශය, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතාට දැනුම්දී ඇත. යුද හමුදාව ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා සඳහන් කළ අතර හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය ඇතින්නියන් සොයා අද මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. මිය ගිය ඇතින්නියන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කරයි. මිය ගිය ඇතින්නියන් කිහිප දෙනෙකුගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළද මරණයට නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි වී ඇත.
 

More News..