brand logo

ඇත්තටම සිහිනය සැබෑවුණා

15 February 2019

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සිය මංගල ටෙස්ට් ක්‍රිකට් සංචාරය වන දකුණු අප්‍රිකානු තරගාවලියට සහභාගිවීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍යය සමග කළ සම්මුඛ සාකච්ඡා සිදුකර තිබෙනවා. ඔබ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරී පත්වුණා නේද ? ඇත්තටම සතුටුයි ජාතික කණ්ඩායමට තේරී පත්වුන එකට. ඇත්තටම සිහිනයක් සැබෑවුණා. මම බලාපොරොත්තු වෙනවා රට වෙනුවෙන් හොදින් ක්‍රීඩා කරන්න. මම මගේ උපරිමයෙන් ක්‍රීඩා කරනවා. ඒ වගේම තරග ජයග්‍රහණය කරනවා. කුමක්ද ඔබේ ප්‍රධාන ශක්තිය ? මම හිතන්නේ බොලිං ලෙන්ත් එක සහ පන්දුව දගකැවීම. විශාලතම ජයග්‍රහණය මොකක්ද ? පසුගිය වසරේ ප්‍රිමියර් සීසන් එකේදි SSC කණ්ඩායමට එරෙහිව කඩුළු 10ක් දවාගැනීම. ඔබ දකුණු අප්‍රිකාව බලා සංචාරය කරනවා ? මේක මගේ පළමු වතාව. පුහුණුකරුවන්, ක්‍රීඩකයන් කිව්වා බවුන්ස් වෙන පිච් එකක් තියෙන්නේ කියලා. https://youtu.be/JUpv_eyMb-E
 

More News..