brand logo

ඇතකු පහර දීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

26 January 2021

  සිය දියණිය සමග යතුරු පැදියකින් තඹුත්තේගම නගරයට පැමිණෙමින් සිටි කාන්තාවක මහමග රැදි සිටි ඇතෙකුගේ පහරදීමකින් අද (26) උදෑසන කාන්තාවක මරණයට පත්ව ඇත. පහරදීම නිසා බරපතල තුවාල ලැබූ 49 හැවිරිදි කාන්තාව මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය සඳහන් කරනවා. මෙසේ මියගොස් ඇත්තේ තඹුත්තේගම, මැහිඇල්ලෑව පදිංචි අනුරාධපුර පළාත් සභා සංකීර්ණයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරන ප්‍රීයානි ජයකොඩිනැමති කම්කරු සේවයේ නියුතු කාන්තාවක්. ඇතෙකු සහ වන අලියෙකු දැකිමෙන් බියට පත්වු යතුරු පැදිය පැදවු දියණිය යතුරු පැදියෙන් බැස දිව ගොස් ඇති අතර මෙම කාන්තාව යතුරු පැදියෙන් බැස දිව යාමට තැත්කරද්දි පය පැටලි බිම ඇදවැටි තිබෙනවා. ඇතා විසින් එහිදි මෙම කාන්තාවට පහරදි ඇතැයි පොලිසිය සඳහන් කරනවා. ඇයගේ 25 හැවිරිදි දියණිය දිවි බේරාගෙන තිබෙනවා. අනතුරුව කෝපයට පත්ව සිටි ඇතා ගම්මානයක් හරහා දුව යද්දි ගෙවත්තක බැද සිටි ගවයන් දෙදෙනෙකුට පහරදි ඇති අතර එහිදි එක් ගවයෙකු මිය ගොස් අනෙක් ගවයා තුවාල ලබා ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
 

More News..