brand logo

ඇඩ්මිෂන් ඇතත් නැතත් ශිෂ්‍යත්වෙ ලියන්න පුළුවන්

07 October 2020

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් මෙවර මුල් වරට නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රයට මව්පියන් අත්සන් කිරීම අනිවාර්ය නොවනවා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත අරුණට ඊයේ (06) පැවසීය. මෙම ප්‍රවේශ පත්‍රය අත්සන් කිරීම සඳහා දරුවා සමග පැමිණෙන ලෙස ඇතැම් පාසල් ප්‍රධානීන් දෙමව්පියන්ට දැනුම් දී තිබෙන නමුත් පවතින තත්ත්වය මත පාසල්වලට පැමිණීම ගැටලු සහගත බවත් ප්‍රවේශ පත්‍රය අත්සන් කළත් නොකළත් එය විභාගයට පෙනී සිටීමට බාධාවක් නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය. ශිෂ්‍යත්ව විභාගයට අදාළව මුල්වරට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර ඇත්තේ මෙම වසරේ සිට සියලුම පාසල් විභාග සඳහා එක් අයැදුම්කරුවකුට එක් අංකයක් හඳුන්වා දීමේ ජාතික වැඩපිළිවෙළ අනුවය. විභාගයට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කළේ එම අංකය දෙමව්පියන්ට ලබාදීමේ අරමුණින් බවත් සනත් පූජිත කීවේය. කෙසේ වුවත් පවතින තත්ත්වය මත එම අංකය විභාගයෙන් පසුව දෙමව්පියන්ට ලබා දෙන ලෙස පාසල් ප්‍රධානීන් දැනුවත් කරනු ලැබ ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අයැදුම්කරුවෝ තුන් ලක්ෂ තිස් එක් දහස් හයසිය අනූ හතර දෙනෙක් පෙනී සිටිති.
 

More News..