brand logo

ඇඟවල් මට අදාළ නැහැ - ලකුණු සහ කඩුළු ගන්නවා නම් එච්චරයි - ඇමති අර්ජුන

07 February 2019

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයින් බාහුර ස්වරූපයෙන් ලස්සන වූවත් ඔවුන්ට වැඩි වැඩි වේලාවක් ටෙස්ට් පිටිය තුළ ක්‍රීඩා කිරීමට තරම් යෝග්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බීබීසී සිංහල පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකදීයි. අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහතින් බලන්න.... දැන් ෆිට්නස් ලෙවල් එක දිහා බලපුවාම දැන් ඉන්න ළමයි හරි ලස්සනයි, ඇඟවල් හරි ලස්සනයි. හැබැයි ඉතිං ඕවර් 4ක් 5ක් දානකොට කඩන් වැටෙනවා. දවසක් බැට් කරන්න බැහැ. ඉතිං මේක තමයි ක්‍රිකට් වැරදි පුද්ගලයන්ගේ මානසිකත්වය. අපි ඉන්න කාලේ, මම කොහොමත් මහත කෙනෙක්. එක කාලයක් අරවින්දව ව ෆිට්නස් ටෙස්ට් එකකුත් කරලා අයින් කළා. හැබැයි බැට් කරන්න කිව්වම, අපිට දවස් එකහමාරක් වුනත් බැට් කරන්න පුළුවන්. දැන් අපි බැලුවොත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහලා, චමින්ද වාස්ලා වගේ මාත් එක්ක ගහපු අයට ඕවර් 15ක් 16ක් විතර නවත්වන්නේ නැතිව බෝල් කරන්න පුළුවන්. මේක තමයි අපි හැදුන ක්‍රිකට් සංස්කෘතිය. අපි දැන් පිට රටින් අරන් තියෙන්නේ අපිට උචිත නොවන දේවල්. අපි දැන් ක්‍රිකට් පැත්තේන බැලුවොත් අපි ෆාස්ට් වෙලා තියෙන්නේ ටෙස්ට් ක්‍රිකට් මැච් එක දවස් තුනකින් ඉවර කරන එක. එහෙම නැතිව අනිත් පැත්තෙන් ෆාස්ට් වෙලා නැහැනේ. අපේ ළමයි ලස්සනයි, ඇඟවල් හොඳයි, ඒත් අපේ වැඩේ කෙරෙන්නේ නැහැ. ඉතිං එහෙම නම් කරන්න තියෙන්නේ හොඳ ලස්සන ෆිට්නස් තියෙන මොඩස්ලා ටිකක් අරගෙන ක්‍රිකට් ගහලා ලස්සන වෙලා ඉන්න. අන්න ඒ කන්සප්ට් එක තමයි ක්‍රිකට් පරිපාලනය කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ක්‍රිකට් ෆිට්නස් එක තියෙන්නේ ඔ්නේ. ඇඟවල් මට අදාළ නැහැ. මට කිලෝ 200ක මනුස්සයෙක් වුනෙත් ලකුණු ගහනවා නම්, කිලෝ 500ක එක්කනෙක් කඩුළු ගන්නවා නම් එතනින් එහාට මට වැඩක් නැහැනේ. අද වෙලා තියෙන්නේ ලස්සන ඇඟවල් තියෙනවා. ක්‍රිකට් වලට වැඩක් නැහැ. වීඩියෝ BBC
 

More News..