brand logo

ආහාර මාර්ගයටත් කොරෝනා රිංගයි

04 February 2020

මුඛය මගින් ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේද නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව චීන පුවත් සේවා වාර්තා කරයි. සවුත් චයිනා මෝර්නින් පෝස්ට් (South China Morning Post) පුවත් සේවය විසින් චීන රාජ්‍ය පුවත් සේවය වන ෂිංහුවා උපුටා දක්වමින් වාර්තා කරන ආකාරයට ෂෙන්සෙන් රෝහලේ පර්​ෙ ය්ෂණ අංශය විසින් මේ බව අනාවරණය කරගෙන ඇත. එම වාර්තාවට අනුව කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ මලපහ ආශ්‍රිතව වෛරසය සොයා ගැනීමෙන් අනතුරුව පර්​ෙ ය්ෂකයන් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර ඇත. එම විමර්ශන ඔස්සේ තහවුරු කරගෙන ඇත්තේ මනුෂ්‍ය මල සහ මුත්‍රා ආශ්‍රිතව සොයාගත් ‘2019 නව කොරෝනා වෛරස අණු’ ආහාර මාර්ගය ඔස්සේ මනුෂ්‍ය ශරීරයට ඇතුළු වී ඇති බවයි. මීට පෙර අන්තර්ජාතික සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබුණේ මුඛයෙන් සහ නාසයෙන් පිටවන බිඳිති මනුෂ්‍ය ශරීරයේ ශ්වසන පද්ධතියට එක්වීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වන බවයි. මෙම ප්‍රතිඵලය වූහාන් ප්‍රදේශයේ පර්​ෙ ය්ෂකයන් මෙන්ම එක්සත් ජනපදයේ ඇතැම් පර්​ෙ ය්ෂකයන්ද අනාවරණය කර ඇතැයි පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අනුව මිනිස් මලපහ ඔස්සේද කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට පර්​ෙ ය්ෂකයෝ අනතුරු හඟවා ඇත. චීන විද්‍යා ඇකඩමිය විසින් පාලනය කරනු ලබන වූහාන් වෛරස් විද්‍යායතනයේ රසායනාගාර පර්​ෙ ය්ෂකයන් විසින් කොරෝනා ආසාදිත නිව්මෝනියා රෝගීන් පිරිසකගේ මල සාම්පල සහ ගුද මාර්ග ආශ්‍රිතව වෛරසය අන්තර්ගත අම්ල සොයාගෙන ඇතැයිද මෙම පුවත් සේවාව වැඩිදුරටත් වාර්තා කර ඇත. නයන තරංග ගමගේ
 

More News..