brand logo

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන සමුළුව ශ්‍රී ලංකාවේදි

02 February 2021

2022 වර්ෂයේ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට එහි පාලක මණ්ඩලය තීරණය කර ඇත. ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ ද අනුමැතිය හිමිව තිබේ. මෙම සමුළුව 2022 වසරේ මැයි මස 2වනදා සිට 5වනදා දක්වා දින හතරක කාලයක් පැවැත්වීමට නියමිතයි. ඒ සදහා රටවල් කිහිපයක මුදල් අමාත්‍යවරු තිහකට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව තිබේ. ඊට අමතරව මහ බැංකු අධිපතිවරු, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය සමාගම්වල ඉහළ ශ්‍රේණිවල නිලධාරීන් මෙන්ම විදේශීය මාධ්‍යවේදීන් රැසක් සහභාගි වනු ඇත.
 

More News..