brand logo

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී විදූෂා ලක්‍ෂානි ලෝකඩ පදක්කම දිනාගනී

24 April 2019

23 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා විදූෂා ලක්‍ෂානි, තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූවාය. විදූෂා එහිදී මීටර 13.53 ක දුරක් වාර්තා කිරීමට සමත් වූවාය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමිකරගත් එකම සහ පළමු පදක්කම මෙය වේ. මෙම තරගාවලිය හෙට (25) අවසන් වීමට නියමිතය. ඇය තරගය ආරම්භයේ සිටම වර්ධනයක් පෙන්වමින් පළමු අවස්ථාවේදී මීටර 13.40 ක් ද, දෙවැනි අවස්ථාවේදී මීටර 13.46 ක් ද, පැනීමට සමත් වූ අතර ඇය තෙවැනි අවස්ථාවේදී මීටර 13.53 ක පිම්මක් ප්‍රදර්ශනය කළාය.
 

More News..