brand logo

ආසියානු නැගී එන කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට

16 December 2018

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරගාවලියේ ශූරතාවලිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 3කින් පරාජයට පත් කරමින්. තරගය පැවැත් වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්නා. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 270ක් රැස්කර ගැනීමට සමත් වුණා. එහිදී කමිදු මෙන්ඩිස් ලකුණු 61ක් ලබාගත් අතර, හසිත බෝයගොඩ ලකුණු 54ක් ලබාගත්තා. ඊට අමතරව ෂෙහාන් ජයසූරිය ලකුණු 46ක් රැස්කර ගත්තා. ඉන් අනතුරුව පිටියට පැමිණි ඉන්දීය නැගී එන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 267ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසේල් ගුණරත්න කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා.  
 

More News..