brand logo

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා බලාපොරොත්තුවක් ගිලිහෙයි

20 August 2018

එසවීම් තුනම අසාර්ථක වී හංසනී සමුගනී ආසියානු ක‍්‍රීඩා උළෙලේ, ශ‍්‍රී ලංකා බලාපොරොත්තුවක් ගිලිහී යමින් ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී බර ඉසිලීමේ ක‍්‍රීඩිකා හංසනී ගෝමස් අද (20වැනිදා) පැවැති සිය ඉසව්වෙන් අසාර්ථක වී තරගයෙන් ඉවත්වූවාය. කිලෝ ග‍්‍රෑම් 48 බර පංතියෙන් සිය ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ගෝමස් ස්නැච් ක‍්‍රමය යටතේ කිලෝ ග‍්‍රෑම් 67 ක් එසවීමට ගත් උත්සාහයන් තුනම ව්‍යර්ථ වී යාම හේතුවෙන් අදාළ ඉසව්වෙන් ඇයට ඉවත් වීමට සිදු වුවාය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ ගෝමස් ඉකුත් අපේ‍්‍රල් මාසයේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අදාළ බර පංතියේ ලෝකඩ පදක්කමක් දිනා දුන් ක‍්‍රීඩිකාව වූවාය. එසේම මෙවර ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව හිමි වූයේද හංසනී ගෝමස්ටය.
 

More News..