brand logo

ආසියානු ක‍්‍රීඩා උළෙලේදී බේස් බෝල් පිළෙන් ශ‍්‍රී ලංකාවට ‘සැනසිලි ජයක්’

22 August 2018

ඉන්දුනීසියාවේ ජකාර්තා හී දැන් ක්‍රියාත්මක ආසියානු ක‍්‍රීඩා උළෙල යටතේ අද පැවැති බේස්බෝල් තරගයෙන් ලකුණු 15-10 ක් ලෙසින් ලාඕසය පරාජයකිරීමට ශ‍්‍රී ලංකාකණ්ඩායමට හැකිවිය. පළමුවරට ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගී වන කණ්ඩායම් තුනක් පළමුවටයේ තරගාවලිය යටතේ මෙම තරගය සදහා සහභාගි විය. එහි අනෙක් කණ්ඩායම වන තායිලන්තය සමග හෙට පැවැත්වීමට නියමිත තරගයෙන් ජයගතහොත් ශ‍්‍රී ලංකාව දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. ශ‍්‍රී ලංකාව අතින් අද පරාජයට පත්වූ ලාඕසය සහ තායිලන්තය අතර ඊයේ පැවැති තරගයේදී ලකුණු 15-0ක් ලෙසින් ජයගැනීමට තායිලන්තයට හැකිවූ බැවින්  තායිලන්තය සමගින් පැත්වෙන තරගය ශ‍්‍රී ලංකාවට පහසු අභියෝගයක් නොවනු ඇත. මෙහි දෙවැනිවටය ‘ඒ’ සහ ‘බී’ ලෙසින් කාණ්ඩ දෙකකින් යුක්තව ක‍්‍රියාත්මක වන අතර ශ‍්‍රී ලංකාව තමන් තරග වදින පළමු වටයේ ජයග‍්‍රාහී කණ්ඩායම බවට පත්වුවහොත් ජපානය, පකිස්තානය සහ චීනය අයත් ‘බී’කාණ්ඩයට ඇතුළත් වේ.
 

More News..