brand logo

ආසියානු ක්‍රීඩා උළෙලට පැමිණ ‘අමුතු සෙල්ලමක්’ කළ ජපන් ක්‍රීඩකයන්ට වැඩ වරදී

23 August 2018

ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉන්දුනීසියාවට පැමිණි ජපාන පැසිපන්දු පිලේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් ගණිකා සේවනයේ යෙදීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්කර ඔවුන්ව පෙරළා සිය රට බලා පිටත්කර යැවීමට ජපාන ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ. එම ක්‍රීඩයන් වයස අවුරුදු 22 සහ 23 අතරේ පසුවෙයි. ජපාන පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 8 දෙනෙක් ඉන්දුනීසියාව බලා පැමිණ තිබේ. කෙසේ නමුත් ක්‍රීඩකයින් සිව් දෙනොගේ ඉවත් කිරීම වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයින් ගෙන්වා ගැනීමට එරට බලධාරීන් තවමත් පියවරගෙන නොමැත.
 

More News..