brand logo

ආසාධිත තරුණිය රෝහල් ගත කරන්න ගෙන යද්දී අසල්වැසියා හූ කියලා

01 November 2020

කොවිඩ් ආසාධිත තරුණියක රෝහල් ගත කිරීමට රැගෙන යන අවස්ථාවේදී එම තරුණියට හූ කියමින්, නොසුරුප් වචනයෙන් බැණ වැදිමින් අසල්වැසියකු හැසිරී තිබෙනවා. මෙම අවාසනාවන්ත තත්ත්වයට මූණ පා ඇත්තේ වත්තල, මාටාගොඩ පදිංචි තරුණියක්. ඇය ජර්මන් සමාගමකට අයත් පැරඩයිස් ටෝයිස් නම් සෙල්ලම් බඩු නිපදවන කම්හලක සේවය කරන අතර ඇයට කළ PCRපරීක්ෂණයෙදී කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත. ඊයේ (31) රාත්‍රියේදී ඇය රෝහල් ගත කිරීම සඳහා ගිලන් රථයක පැමිණි අවස්තාවේදී අසල්වැසියා ‘‘ඕකි වටේ ගිහින් කොරෝනා හදාගෙන‘‘ ආදී වශයෙන් නොසුරුප් වදන් කියමින් අපහාස කරමින් බැණ වදිමින් හූ කියා ඇත. මෙම අසල්වැසියා දිවයිනටම බලපවත්වන සාම විනිසුරුවරයෙකි. තරුණිය රැගෙන යාමට ආ නිලධාරීන් හා සෙසු අසල්වාසීන් මෙම සිදුවීම තරයේ හෙලා දැක ඇති අතර ආසාදිතයින් සමාජයෙන් කොන් කරන්න එපා යැයි මාධ්‍ය මගින් මෙරට බලධාරීන් කෙතෙක් දැනුවත් කළත් මෙවැන් තනතුරක් හොබවන පුද්ගලයකු හැසිරී ඇති ආකාරය දැඩි විවේචනයට ද ලක් කර ඇත. සිය සොයුරිය මූණ පෑ අවාසනාවන්ත තත්ත්වය ගැන සොයුරා අරුණට දැක් වූ අදහස් පහතින් සවන් දෙන්න. https://soundcloud.com/aruna-lk/voice
 

More News..