brand logo

ආසාදිත සිසුවියක් පාසල් ඇවිත් 28ක් නිරෝධායනයේ

26 January 2021

  නිකවැරටිය නගරාසන්න පාසලක 10 ශ්‍රේණියේ ඉගනුම ලබන කොවිඩ් ආසාදිත දැරියක් පාසලට පැමිණීමෙන් එම පන්තියේ ළමුන් 12 දෙනෙකු සහ පන්තිභාර ගුරුවරිය නිරෝධායනය සඳහා යොමුකළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර ඇත. මේ අනුව පවුල් 13ක පුද්ගලයන් 28 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති අතර දැරිය සිටි පන්ති කාමරය වසාදැමීමට පියවර ගෙන තිබේ. ආසාදිත දැරිය වෙනත් අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට ගිය අවස්ථාවේදී කරන ලද PCR පරීක්ෂණයේ දී අසාදිත බව හඳුනා ගෙන ඇත.
 

More News..