brand logo

ආසාදිත රැඳවියා වැසිකිළි ජනේලයෙන් පැනයයි

26 May 2021

කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රැඳවියකු පළාගොස් තිබේ. මොහු යාපනය අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ දී කොවිඩ් ආසදිතව හෘදයාබාධයක් හේතුවෙන් කිලිනොච්චිය රෝහල වෙත අද (26) උදෑසන ඇතුළත් කර ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ එම ආසාදිත රැඳවියා ප්‍රතිකාර ලබමින් සිටියදී වැසිකිළි ජනේලයෙන් පැනගොස් ඇති බවය. එම ආසාදිත රැඳවියා සොයා මේවන විට කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මේ අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ද මින් පෙර දිනක ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන ගොස් තිබූ ස්ථානයකින් පලාගොස් තිබුණි.
 

More News..