brand logo

ආසාදිත රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට දැන ගැනීමට ක්‍රමවේදයක්

15 May 2021

කොරෝනා ආසාදිත වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීමට විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිත සියලු රැඳවියන්ගේ තොරතුරු මෙම ඒකකය මගින් ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි. මේ අනුව බන්ධනාගාර ගත රැඳවියා කොරෝනා ආසාදිත නම් පමණක් 011 46 77 101 අංකය ඔස්සේ අදාළ රැඳවියා පිළිබඳ තොරතුරු ඥාතීන්ට විමසීමේ හැකියාව ඇත.
 

More News..