brand logo

ආසාදිතයින් 800කට වැඩි පිරිසක් සුවයි

21 February 2021

    මෙරට කොවිඩ් ආසදිතව සුවය ලැබූ සමස්ත පිරිස 74,000 සේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර අද (21) දිනයේ ආසාදිතයින් 843 දෙනෙකු සුවය ලබා තිබේ. සෞඛය අංශ පෙන්වා දෙන්නේ මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,299 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි. කොවිඩ් ආසාදිත 4,746 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
 

More News..