brand logo

ආසාදිතයින් 1304ක් හඳුනා ගනී

01 May 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1304දෙනෙකු අද (01) දිනයේදී හදුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 109,450කි. ඉන් ආසාදිතයින් 12294දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ආසාදිතයින් 96,478දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 678කි.
 

More News..