brand logo

ආසාදිතයින් 1222ක් සුවය ලබයි

19 May 2021

කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1222දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 122,367දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි. එම පුද්ගලයින් රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටවගොස් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 147,720ක් වන අතර, ඉන් ආසාදිතයින් 24338දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1015කි.
 

More News..