brand logo

ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

15 June 2021

කොවිඩ් - 19 ආසාදිතයින් 2,284 දෙනෙකු ඊයේ (14) දිනයේ හඳුනා ගෙන තිබෙන අතර වැඩිම ආසාදිත පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 526 දෙනෙකු ඊයේ (14) දිනයේ පමණක් හඳුනාගෙන ඇත. මීට අමතරව බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්කයන් දෙක වන කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රිකයෙන් ආසාදිතයින් 155ක් වාර්තා වී තිබේ. ඊට අමතරව රත්නපුර 260ක්, ගාල්ල 134ක්, නුවරඑළිය 123ක්, මහනුවර 93ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 91ක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත. මේ අතර ඊයේ හමුවූ ආසාදිතයින් ගෙන් 25දෙනෙකු විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් වෙයි. සැම ප්‍රදේශය කිනම පහේ ආසාදිතයන් වාර්තා වී ඇති අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 225,922 දක්වා ඉහළගොස් ඇත. එම ආසාදිතයින් ගෙන් 190,464 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 33,198 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවෙයි. කොවිඩ් ආසාදිත මරණ 57ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා අද අලුතින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 2,260 දක්වා ඉහළගොස් තිබේ.
 

More News..